දන්නවා ද සුදු මැණික
මගේ ආදරේ තරම්
කියන්නට බැරි තරම්
මේ පපුව රිදුම් දෙන
ආදරේ තරම්
මට ඕනී
ඔය පපුවේ
මියදෙන්න
ඉඩ දෙන්න රත්තරන්
- මනු-
දන්නවා ද සුදු මැණික
මගේ ආදරේ තරම්
කියන්නට බැරි තරම්
මේ පපුව රිදුම් දෙන
ආදරේ තරම්
මට ඕනී
ඔය පපුවේ
මියදෙන්න
ඉඩ දෙන්න රත්තරන්
- මනු-
ජිවිතේට දෙවියෝ දෙන්නේ එක අවස්ථාවක් විතරයි. ඒ අවස්ථාව නැති කරගන්න එපා. ඒක හරි අමාරුයි. එදා මට දෙවියෝ දුන්නේ හරි ලස්සන තෑග්ගක්. එයා හරි ලස්සනයි. උසට ගැලපෙන උස. එච්චර සුදක් නෑ. හැබැයි හරි රන්වන් පාට හමක් එයාට තිබ්බේ. කොණ්ඩේ දිගම නෑ. හැබැයි පිටට මැද්දට වඩා ටිකක් දිගයි. ඉන ගාවටම නෑ. ඒත් ඒ කිට්ටුවට වැවිච්ච ලස්සන කොණ්ඩේ. මූණෙ එක කැලලක් නෑ. තෙල් පාට හම. හිනා වෙද්දී හරි ලස්සනයි.. ඒ දත් ටික හරියට මට තේරෙන් නෑ.
ඒ තරම් ලස්සනයි... ඒ ගතිගුණත් රූපේට ගැලපෙන්නම තිබ්බා. ජිවිතේ පළවෙනි ආදරේ කියලා එයා මට කැමති වෙලා තිබ්බේ. මං පිස්සෙක් වගේ ඒ ජිවිතේ සෙල්ලමට ගත්තා. මට හිතා ගන්න බෑ මං ඇයි එහෙම කලේ කියලා. මට රට වටේම හිටිය අනිත් කෙල්ලො වගේම මං කලේ එයාව සෙල්ලමට ගත්ත එක. මට කවදාවත් ඒ අගේ තේරුනේ නෑ. මං තේරුම් ගන්න උත්සාහ කලෙත් නෑ. පාවිච්චි කරලා අත් ඇරලා දැම්මා.
අඩ අඩා මගේ පස්සෙන් එද්දි මං සතේකට ගනන් නොගෙන අහක බලා ගත්තා.
සමහර විට ඒකීගේ වාසනාව වෙන්න ඇති. මං වගේ එකෙක් එක්ක නොහිටින්න ලැබිච්ච එකත්... ආයෙත් අවුරුදු 7කට විතර පස්සේ මං එයාව දකිනවා. ඒ TV එකෙන්. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙලා.
රූපේ කිසිම අඩුවක් නෑ. පොඩ්ඩක් තේජාන්විත ගතියක් ඒ මූණට ඇවිල්ලා. දොස්තර කෙනෙක් වෙන්න තරම් දක්ෂ ඒකීගේ A/L ජිවිතේ කාලකණ්ණි කරපු මං. ඒකී ආයේම ගොඩ නගා ගෙන. මට හීනීයට දුකක් දැනුනා. මොකද මටත් තිබ්බා මොලයක් ප්‍රයෝජනයට නොගත්ත. අද මං බේබදෙක්. ගෑණියෙක් නැති අසම්පූර්ණ මිනිහෙක්. එදා එයත් එක්ක පටන් ගත්ත ගමන හරියට ගියා නම් මාත් අද මනුස්සයෙක්. දෙවියෝ මං ලගට ම ගෙනල්ලා දුන්න හැමදේම මං දෙයියන්ට හිනා වෙලා අත් ඇරියා. අද ලොකෙම මට හිනා වෙනවා.. අපිට ජිවිතේ දෙයක් අවස්ථා හම්බෙනවා හරි අඩුයි. ලැබෙන දේ පරිස්සං කරගන්න. නැත්නම් තමන්ට හම්බෙන්න තිබ්බ දේවල් වෙන කෙනෙක් බුක්ති විදිනවා බල බලා. ජිවිත කාලේම දුක් විදින්න වෙයි.
මනු
දන්නවා ද සුදු මැණික මගේ ආදරේ තරම් කියන්නට බැරි තරම් මේ පපුව රිදුම් දෙන ආදරේ තරම් මට ඕනී ඔය පපුවේ මියදෙන්න ඉඩ දෙන්න රත්තරන් ...