Friday, December 4, 2020

දන්නවද මේ පපුව ගැහෙන්නෙ ඔබේ නමින්..❤️❤️

 දන්නවා ද සුදු මැණික 

මගේ ආදරේ තරම් 

කියන්නට බැරි තරම්

මේ පපුව රිදුම් දෙන

ආදරේ තරම්

මට ඕනී 

ඔය පපුවේ 

මියදෙන්න

ඉඩ දෙන්න රත්තරන් 

   

       - මනු-


ආදරේ අපි හැමෝම ආස දෙයක්...,විදින ,විදවන දෙයක්....

 ජිවිතේට දෙවියෝ දෙන්නේ එක අවස්ථාවක් විතරයි. ඒ අවස්ථාව නැති කරගන්න එපා. ඒක හරි අමාරුයි. එදා මට දෙවියෝ දුන්නේ හරි ලස්සන තෑග්ගක්. එයා හරි ලස්සනයි. උසට ගැලපෙන උස. එච්චර සුදක් නෑ. හැබැයි හරි රන්වන් පාට හමක් එයාට තිබ්බේ. කොණ්ඩේ දිගම නෑ. හැබැයි පිටට මැද්දට වඩා ටිකක් දිගයි. ඉන ගාවටම නෑ. ඒත් ඒ කිට්ටුවට වැවිච්ච ලස්සන කොණ්ඩේ. මූණෙ එක කැලලක් නෑ. තෙල් පාට හම. හිනා වෙද්දී හරි ලස්සනයි.. ඒ දත් ටික හරියට මට තේරෙන් නෑ.

ඒ තරම් ලස්සනයි... ඒ ගතිගුණත් රූපේට ගැලපෙන්නම තිබ්බා. ජිවිතේ පළවෙනි ආදරේ කියලා එයා මට කැමති වෙලා තිබ්බේ. මං පිස්සෙක් වගේ ඒ ජිවිතේ සෙල්ලමට ගත්තා.  මට හිතා ගන්න බෑ මං ඇයි එහෙම කලේ කියලා. මට රට වටේම හිටිය අනිත් කෙල්ලො වගේම මං කලේ එයාව සෙල්ලමට ගත්ත එක.  මට කවදාවත් ඒ අගේ තේරුනේ නෑ. මං තේරුම් ගන්න උත්සාහ කලෙත් නෑ. පාවිච්චි කරලා අත් ඇරලා දැම්මා.

 අඩ අඩා මගේ පස්සෙන් එද්දි මං සතේකට ගනන් නොගෙන අහක බලා ගත්තා.

සමහර විට ඒකීගේ වාසනාව වෙන්න ඇති. මං වගේ එකෙක් එක්ක නොහිටින්න ලැබිච්ච එකත්... ආයෙත් අවුරුදු 7කට විතර පස්සේ  මං එයාව දකිනවා. ඒ TV එකෙන්. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙලා. 

රූපේ කිසිම අඩුවක් නෑ. පොඩ්ඩක් තේජාන්විත ගතියක් ඒ මූණට ඇවිල්ලා. දොස්තර කෙනෙක් වෙන්න තරම් දක්ෂ ඒකීගේ A/L ජිවිතේ කාලකණ්ණි කරපු මං. ඒකී ආයේම ගොඩ නගා ගෙන. මට හීනීයට දුකක් දැනුනා. මොකද මටත් තිබ්බා මොලයක් ප්‍රයෝජනයට නොගත්ත. අද මං බේබදෙක්. ගෑණියෙක් නැති අසම්පූර්ණ මිනිහෙක්.  එදා එයත් එක්ක පටන් ගත්ත ගමන හරියට ගියා නම් මාත් අද මනුස්සයෙක්. දෙවියෝ මං ලගට ම ගෙනල්ලා දුන්න හැමදේම මං දෙයියන්ට හිනා වෙලා අත් ඇරියා. අද ලොකෙම මට හිනා වෙනවා.. අපිට ජිවිතේ දෙයක් අවස්ථා හම්බෙනවා හරි අඩුයි. ලැබෙන දේ පරිස්සං කරගන්න. නැත්නම් තමන්ට හම්බෙන්න තිබ්බ දේවල් වෙන කෙනෙක් බුක්ති විදිනවා බල බලා. ජිවිත කාලේම දුක් විදින්න වෙයි.


        මනු

 

🌸🌸 කෙටි කතාවක් 🌸🌸
මම අද යන්න යන්නේ වෙඩිමකට ..කාගෙවත් නෙමේ මගේ පරණ කෑල්ලගේ .මම ලිතුම් විජේතුංග . මගේ තාත්තා බැංකුව මැනේජර් කෙනෙක් අම්මා ටීච කෙනෙක් ... මම තමා පවුලේ තනි කොල්ලා.මම අද යන්නේ අවුරුදු ගානක් මට ආදරේ කරපු අහිංසකීගේ වෙඩිමට ............ ඔන්න මම මුල ඉදන් කියන්නම් o/l ඉවර වෙලා අම්මාගෙන් වදෙන් බේරෙන්න ඕනේ හින්දා මම ගියා කෝස් එකකට .අම්මා හොයාලා දුන්නා එකටම තමා. එපා වුනත් මොනවා කරන්න්ද ඔන්න ඔහේ ගියා මුලදී අකමැති වුනාට මොක්ද එකත් හිතට අල්ලලා ගියා යලුවෝ ගොඩක් හබුනා .එ අතර මට දවස් ගානම් ඇහ ගැහුන දෙයක් තිබ්බා.. ඒ තමා clz එකේ හිටිය පොඩි කෙල්ලෙකට... එච්චර ලස්සනක් නෑ ඒ වගෙම බලන්න බැරි තරම් කැතත් නෑ . ලස්සන දිග කොණ්ඩෙකුයි කලුත් නැති සුදු නැති තලෙලු පාට ඒයාට චාම් ලස්සනක් තිබ්බා . එයාගේ නම සනුකි නෙහන්සා ....අම්මා ටීච කෙනෙක් තාත්තා බිස්නස් ...........ඇස් දෙක නටව නටව ගිරවි වගේ කියවනවා .සති 3ක් ගියා ඔන්න කෝස් එකේ කොන්සට් එකක්. අන්න එදා තමා මම ඉස්සෙල්ලා සනු එක්ක කතා කලෙ.එදා ෆිට් වුන ෆිට් විල්ලා අපී හැමදාම වගේ කතා කරා .එදා තව වැඩක් වුනා අපි එකට ඉදන් පොටෝ ගැහුවා ....සනු එක්කත් ගැහුවා 🤭 එයාට ඒවා ඕනේ කීවා මම කොහොම හරි whtsapp number එක ඉල්ලා ගත්තා .........👨 hii...photo tika oned.....👧 ow ane ewank👨 mmmmm onna ewwaa 👧 thnx ane 👨 mmm heta enwada 👧ow enwa 👨 hari ehnm ehta hamabemu 👧hrii bye gn 👨 gn ......ඔන්න පළවෙනි දවස කාලෙත් එක්ක මට සනුට ආදරේ හිතුනා ..මම ඇහුවා සනුත් මට කමැති වුනා මාසයක් දෙකන් අපේ ආදරේ හරි ලස්සනට ගලාගෙන ගියා .... අපී දෙන්නම o/l හොදට පාස් මම බයෝ කරන්න හිතාගෙන කලාස් ගියා සනු කරේ ආර්ට් . මම ටවුන් එකේ තිබ්බ ලොකු ඉස්කෝලට ගියා අලුත් යාලුවො. අලුත් පරිසරය එක්ක මට සනු මග හැරුනා.පස්සේ මට සනු එපා උනා ඒත් සනු අතහරින්න ඔනේකම තිබ්බේ නෑ. සනු මට හැමදාම කීවා ඉස්සර වගේ ඉන්න කියලා. ඒත් අනේ මන්දා ......සනූ මගේන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ. ඉල්ලුවේ ආදරේ විතරයි ඒත් .ඒත් මම පෝන් කාඩ් එක ඉදන් හැමදේම සනූට කියලා කරගත්තේ...... කවදාවත් සනූ ඒවටා බෑ කීවේ නෑ. හැමදේම මම වෙනුවෙන් කරා ...ඔයා කාලේ අලුත් ඉස්කෝලේ කෙල්ලෝ 4k 5ක් හිටියා. ඒ හැම එකම සනූ දැනගත්තා. එයා ඇඩුවා. කවදාවත් මාව දාලා ගියෙවත් නෑ. මම දැනගෙන හිටියා මගේ හැමවැරැද්දකටම සනූ සමාව දෙනවා කියලා ....දවසක් අපේ ඉස්කෝලේ ක්ලාස් එකේ කෙල්ලෙක්ට මගේ හිත ගියා. එයා ගයුමි ..... ලස්සන සුදු පාට මුහුණ. ලස්සන ඇස් දෙක. අනේ ඉතින් සුරන්ගනාවීයක් වගේ ...මම කට්ටා කාලා කාලා සෙට් කරගත්තා ගයුමි ව ..........👨 .aye mata msg call karann epa thamuse maha wadyak mata hoda knk hambuna bye aye wadanam denna epaa 👧 ane plz mawa dala yana epa ....mata oya nathuwa inna ba ane plz ....ඒ තමා මම සනුට දාපු අවසාන මැසේජ් එක A /l exam එකට තිබ්බේ තව මාස 5යි ....අයේ මට සනු කතා කරේ නෑ. මටත් ගානක් ගියේ නෑ මට සුංරගනාවියක් හිටිය හින්දා, මගේයි සුරන්ගනාවී ආදරෙට අවුරුද්දක් ගියා ......ඔන්න රිසාල්ට් ආවා මම සබ්ජෙක්ට් 3ම ෆේල් ගයුමි B 3 medicine යන්න බැරි වුනත් ගයුමි කැම්පස් යන්න පාස්. අන්න එදා ඉදන් තමා ගයුමි වෙනස් වුනේ රිසාල්ට් ඇවිත් සතියෙන් සනුගෙන් call එකක් 👧හේලෝ ලිතුම් ....👨 සනු ඔයා .....👧 ම්ම්ම් ඔව් මම මම දෙයක් කියන්න call කරේ 👨 ඉතින් කියන්න මොකද ....👧 මම කැම්පස් යන්න පාස් ....👨 කොහොම ද රිසාල්ට් 👧 A3 .....👨සුබ පැතුම් සනු 👧 තැන්ක්ස් එහෙනම් මම තියනවා බුදුසරණයි 👨 බුදුසරණයි සනු .....අනේ මගේ හිතට සතුටක් වගේම දුකක් ආවා ... ගයුමි එන්න එන්න වෙනස් වුනා . මැසේජ් නෑ call නෑ ......... මට යාලුවෙක්ගෙන් දැනගන්න හබුනා ගයුමි අපේ clz එකේ medicine යන්න සිලෙක්ට් වුනා කොල්ලෙක් එක්ක සෙට් කියලා 😖 අවුරුදු 2ක ආදරෙ. මගේ මම හැමදේම කරා ගයුමි වෙනුවෙන් ඒත් ......මම මතක් වුනේ සනුවා. මගේ හිත හොදටම දන්න කෙනා සනූ. මට දුක කියන්න හිටියේ සනු. මම කෝල් එකක් ගත්තා. ඒත් සනුගේ පෝන් වැඩ නෑ .... දැන් අවුරුදු 4ක් මම සනුට call නොගතත දවසක් නෑ. ඒත් ඒ phone එක වැඩ කරේ නෑ. අවුරුදු 4k මම කෙල්ලෙක් ගැන හිතුවෙවත් නෑ මම දුක් වුනා. සනුට මගේ අතින් වුන දේවල් වලට. සනුට දුන්න ගින්දර මම අද විදවනවා තනියම. අවුරුදු 4කට පස්සේ නොදන්න number එකකින් call එකක්. 👨හේලෝ කවුද මේ 👧 ලිතුම් මම සනුකි .... මම ඔයාට වැදගත් දෙයක් කියන්න ගත්තෙ. 👨 මොකද සනු ..කියන්න මැනික ....👧 මම මැරි කරන්න යන්නේ අනිද්දා . ඔයා එන්නම ඕනේ වෙඩින් එකට ....... 👨 හරි සනු එන්න්ම මම phone තිබ්බා නෙමෙ තියවුනා. මම අද මේ සනුගේ වෙඩින් එකට යනවා .............සනු බදින්නේ ඩොක්ටර් කෙනෙක්. සනු වගේ කෙනෙක් ලබන්න පින තියෙන්නේ ඕනේ. මම සනු ළගට ගිහින් විශ් කරා ....විනාඩියක් වත් එතන ඉන්නේ නැතුව මම ඉක්මනින් ආවා .....අදටත් මම දුක් වෙනවා.
මගේ ආදරේ නැති කරගත්ත එකට ..........
ආදරේ කියන්නේ හිතට දැනෙනෙ එකට .......
දෙවියො ලස්සන ආදරයක් දෙන්නේ එක පාරයි.
ඒ ආදරේ ආදරෙන් පරිස්සම් කරගන්න.
අකුරු ගැලපූ මම
🌸🌸නෙතු හේරත් 🌸🌸

දන්නවද මේ පපුව ගැහෙන්නෙ ඔබේ නමින්..❤️❤️

 දන්නවා ද සුදු මැණික  මගේ ආදරේ තරම්  කියන්නට බැරි තරම් මේ පපුව රිදුම් දෙන ආදරේ තරම් මට ඕනී  ඔය පපුවේ  මියදෙන්න ඉඩ දෙන්න රත්තරන්             ...